![]() |
| source: america.cgtn.com |
විසි එක්වන සියවස තුළ පර්යේෂකයන් හා ප්‍රතිපත්ති සම්පාදකයන් ගේ අවධානය වර්තමානය තුලදී ප්‍රබල වශයෙන් පාරිසරික අනාරක්ෂණය (Environmental Insecurity) කෙරෙහි යොමුවී ඇත. දිනෙන් දින ඉහළ යන උෂ්ණත්වයත්, ආන්තික වර්ෂාපතන රටාවත් නිසා පෘථිවි ගෝලය තුළ පරිසර ආනාරක්ෂිත භාවයක් නිර්මාණය වී ඇත. එය එක් රාජ්‍යයකට හෝ පුද්ගලයකුට පමණක් බලපාන්නාවූ කාරණයක් නොව සමස්ත මිනිස් ජනාවාස පද්ධතියට බලපාන ප්‍රබල ගැටළුවකි. ඉදිරි වසර සියයක කාලය තුළ ගෝලීය භූමියෙන් තුනෙන් එකක් ම කුසගින්න සහ දාරිද්‍රතාවය වැනි ගැටලුවලට ප්‍රබල ලෙස මුහුණ පාන්නට නියමතව ඇත.
එපමණක් නොව එය රාජ්‍යයක සමාජයීය, ආර්ථික මෙන්ම දේශපාලනික අංශයන්ගේ පසුබෑමටත් තිරසාරත්වයටත් හේතුවන්නා වූ ගැටලුවකි. එහි අතුරු බලපෑම් ලෙස ජාත්‍යන්තර සාමය, ගැටුම් නිර්මාණය මෙන්ම මානව හිමිකම් යන ක්ෂේත්‍රයන් තුළටද බලපෑම් ඇතිකිරීමට හේතු වන්නා වූ ප්‍රබල කරුණකි.
පාරිසරක අනාරක්ෂිත බාවය යනු කුමක්ද?
පරිසර අනාරක්ෂිත බාවය ලෙස හඳුන්වන්නේ මිනිසුන්ට ප්‍රමාණවත් ආහාර, ජලය, සනීපාරක්ෂාව හෝ ජීවත්වීමට අවශ්‍ය ස්වභාවික සම්පත් නොලැබී යාමෙන් නිර්මාණය වන්නා වූ සාමාජිය, ආර්ථික හා දේශපාලනික අස්ථායී තත්ත්වයන්ය.
උදාහරණයක් ලෙස ගතහොත් ගෝලීය කාලගුණ වෙනස් වීමේ බලපෑම් විවිධාකාර මුහුණුවරින් ලෝකය තුළ වර්තමානය වන විට දක්නට ලැබේ. ආන්තික කාලගුණ තත්ත්වයන් වන අධික වර්ෂාපතන රටාවන් හා ආන්තික උෂ්ණත්වය රටාවන් හේතු කොටගෙන ගංවතුර, නියඟය ආදීන්ගේ බලපෑම් නිසා මිනිසුන්ගේ මුලික අවශ්‍යතාවන් වන පිරිසිදු ආහාර සහ ජලය දුෂණයට ලක් වීමෙන් සහ ඒවා කරා ප්‍රවේශ වීමට අපහසු වීම තුලින්, සිඝ්‍රයෙන් රෝග ව්‍යාප්තිය සදහා ප්‍රධාන ලෙස හේතු සකස් වී ඇත. එය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුටද, රාජ්‍යකින් තවත් රාජ්‍යකටද පැතිරී යමින්, ගෝලීය සෞඛ්‍යයට මෙන්ම ආර්ථිකයටද බලපෑම් එල්ල කරමින් පවතී. එපමණක් නොව එය දේශගුණික සරනාගතයන් බිහි කිරීමටත් ඒ තුළින් ජාත්‍යන්තර සාමය හා මානව හිමිකම් වලටද බලපෑම් කරමින් සිටි.
එම නිසා පාරිසරික අනාරක්ෂිත භාවය යනු හුදෙක් පාරිසරික ගැටලුවක් පමණක්ම නොව, එය රාජ්‍යයක සාමය සහ තිරසාරත්වය ටත්, රාජ්‍යයන්ගේ ජාතික ආරක්ෂාවටත් බලපාන්නා වූ සාධකයක් බව අප සැම දෙනාගේ අවධානය යොමු කළ යුතු කරුණක් බවට වර්තමානය වන විට පත්ව ඇති බව අප සියලු දෙනාටම නොරහසකි.
