Wednesday, December 13, 2017

තවත් වසර සියයකින් ........?

දිනෙන් දින ඉහල යන පුද්ගල බද්ද අධිපාරිභේා්ගික රටාවන් ද,  එහි අතුරුඵලය වන  ගෝලීය  උෂ්ණත්වය ඉහල යාම  සහ දේශගුණික විපර්යාස පිලිබඳ අනතුරු ඇඟවීම් වැඩි වීම නිසා වර්තමානයේ පොදු ජන ජීවිතය අස්තාවර බවට පත්  වී ඇත. තවත් වසර 100 කින් පමණ අප අනාගත පරම්පරාවට ඉතිරි කරන්නේ මොනවදැයි  අප සියල්ලටම ගැටළුවක් වී හමාරය. එපමණක් නොව එම පරම්පරාව අප ගැන කුමක්   සිතාවි දැයි යන්න අප සියලු දෙනාම කල්පනා කල යුතු කාරණයකි.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පිළිබද කාරණයේදී ඔබ එයට එකඟද නැද්ද යන්න හෝ  ගැටළුවක් නොවේ, එය සත්‍ය වශයෙන්ම ලෝකය තුල දැනටමත් සිදුවෙමින් පවතී. ගෝලීය උණුසුම  මුළු මහත් මානව වර්ගයට පමණක් නොව මිහිමත වෙසෙන සියලු සත්ව හා ශාඛ ප්‍රජාවටද සැබෑ තර්ජනයක් වේ. සෑම වසරක් පාසා එය වැඩි වැඩියෙන් දැනෙනවා වගේම වර්ශපතනයහි විචලතාවන් මෙන්ම නියන්, ගංවතුර වැනි කාලගුණික විපර්යාසන්ට නිරන්තරවම ලක් වීම සුලබ දසුනක් මවට පත් වී තිබේ. මෙම අස්ථායී ස්වාභාවික චක්රය නිසා මිනිසුන්ට මෙන්ම සතුන්ට  හා ශාක ජීවිත වලටද  අහිතකර බලපෑම් එල්ල වී ඇත.

බොහෝ කාලයක් තිස්සේ පවතින නියඟය වැනි කාලගුණ විපර්යාසයන්  නිසාද  නිරන්තරයෙන් උණුසුම වැඩි වන බැවින්  කාලගුණික වෙනස්කම් පිළිබද තවදුරටත් අපට දැනෙන්නට පටන් ගෙන ඇත. හිතකර පරිසර සාධකයන්හි හිඟ වීම හේතුවෙන් ආහාර බෝග නිෂ්පාදනය හා  සැපයුම සදහා ඇති ඉල්ලුම සීඝ්‍රරයෙන් ඉහල යන අතැර ඉදිරි දශකය තුල ආහාර අර්බුධයකට මුහුණ දීමට ඇති ඉඩ කඩ වර්ධනය වෙමින් පවතී. මිනිසුන්  මුදල් පසුපස හබා යමින් දිගින් දිගටම  සිදුකරන  අහිතකර වායු විමෝචනයන් නිසා අවසානෙදි මිනිසුන්ට සිදුවන්නේ සාමුහික ලෙස එකතු වී ඒ පිළිබද කණගාටුවට පත් වීම පමණක් නොව තම අනාගත පරම්පරාවන්ට අහිතකර පරිසරයක් උදා කර දීමට කටුතු කිරීමත් නොවන්නේද?

අප සියලු දෙනා දේශගුණික විපර්යාසය පිළිබඳ කරුණු දැන සිටියද, අපගෙන් සමහරෙක් පුද්ගලික ප්රතිලාභ සඳහා ඒවා නොසලකා හැරීමට නැඹුරු වෙති. ප්‍රධාන නගර අධි නාගරීකරණය වීමද,  තාක්ෂණික හා කාර්මික කේන්ද්රස්ථාන කරා ජනතා සංක්රමණය ඉහළ යාමද,  නිසා විශාල ගැටළු රාශියකට ලොව  ප්‍රධාන පෙලේ නගර රාශියක් මුහුණ දී සිටී.  එහිදී මිනිසුන්ට ජිවත් වීමට අවශ්‍ය සම්පත් සදහා ඇති ඉල්ලුම සීග්‍රයෙන් ඉහල යමින් තිබේ. නමුත් දිනක මෙසේ අධි කේන්ද්‍රණය වූ නගර වල සම්පත් ක්‍රමයෙන් ක්ෂය වූ දිනයට මේ නගර අත හැර දැමීමට සියලු දෙනාට සිදුවේවි. එය සිදු වූ පසු, ජනගහනය සරලව විස්ථාපානය වී ඊළඟ සම්පත් කඳවුර සොයා යෑම සඳහා යනු ඇත.

ඉහල යන හරිතාගාර ආචරනය හා හරිතාගාර වායූන්  අපගේ වායුගෝලය උණුසුම් කිරීමටත්, මුහුදු මට්ටම් ගෝලීයව ඉහල නැංවීමටත් දායක වන ඩොමිනෝ බලපෑමක් ඇති කරයි. මුහුදු මට්ටම ඉහළ යාම නිසා ඉදිරි වසර කිහිපය තුළදී මුහුදුබඩ  ප්රදේශ හා ලොව ප්‍රධාන නගරයන් රාශියක්  ජලයෙන් යට වීමේ තර්ජනයට ලක්ව ඇත. මෙය නතර කිරීමට අප කළ යුත්තේ කුමක්ද? එය එක රැයකින් කල  හැකි දෙයක් නොවේ. එහි ඇති අවදානම පිළිබද ගෝලීය වශයෙන් මෙන්ම තනි තනිවද දෙනුවත් වීම මෙන්ම ක්‍රියා ත්මක වීම අත්‍යවශ්‍ය කාරණයක් නොවේද?

දේශගුණික විපර්යාස හේතුවෙන් මුහුදු මට්ටම ඉහළ යාම නිසා අඩි 23 ක් පමණ මුහුදු මට්ටම ඉහළ යන බව පෙනේ. විශාල ජන සංඛ්යාවක් නැවත පදිංචි කිරීමට  සිදුවනු ඇත. ඊළඟ වසර 100 තුළ ඇති විය හැකි ප්රධාන ප්රතිවිපාක ගැන පවා අපි තවමත් නිහඩව පසු වනවා නොවේද?

දිනෙන් දින ඉහල යන කාබන් ඩයෝක්සයිඩ් ප්‍රමාණය සාගරය  මගින් උරා ගැනීම නිසා සාගරයහි ආම්ලිකතාවය වැඩි වෙමින් පවතී. එමනිසා වසර දහස් ගණනක් පුරා සාගරහි  ජීවත්වන ජීවීහු තර්ජනයට  ලක්ව  වඳ වී යෑමේ තත්වයට මුහුණ පා සිටි.  මේ ආකාරයෙන්ම දිගටම සිදු උවහොත්, ඊලඟ වසර 100 තුළ ජීවය දිය යට ජීවත්වන බවට කිසිදු සැකයක් ඉතිරි වන්නේ නැත.

අපගේ ඇස් ඉදිරිපිටදීම මෙමෙ  පාරිසරික වෙනස් වීම දක්නට ලැබේ . ඇතැම් ප්රදේශ නියඟයෙන් පීඩා විඳිති. තවත් ප්‍රදේශ ගංවතුරෙන් පිඩාවට ලක් වෙමින් සිටින අතර තවත් ප්‍රදේශ ලැව් ගිනි  ව්යාප්තිය නිසා පිඩාවට පත් වී සිටි. දිනකට දහස් ගණනක් මේ නිසා පිඩාවට පත් වන අතර කාලගුණ විපර්යාස නිසා අවතෙන් වූ පිරිස මේ වන විට මිලියන 28 කට අධික  බව ජාත්‍යන්තර සංවිධාන ප්‍රකාශ කරයි. මේ තත්වය තව දුරටත් සිදු වෙමින් පැවතියොත් ලෝකයේ අනාගතය කුමක් විය හැකිද?

දැනටමත් සිදුවෙමින් තිබෙන වෙනස්කම් ගැන ලෝකය දැනුවත් නමුත් ඒ කිසිවක් නතර කිරීමට ප්‍රමාද  වැඩි නැත. අවශ්‍ය වන්නේ එකිනෙකාගේ කැප වීමත් පරාර්ථකාමී සිතුවිල්ලත් පමණි.ඒ සදහා අප ගත යුතු ක්‍රියාමාර්ග මොනවදැයි සිතා  බැලීම මදකට හෝ අපගේ වෙලාව අපතේ හැරීමක් නොවේ. එය අප අනාගත පරම්පරාව උදෙසා සිදු කරන මහගු කර්තව්‍යකි.

No comments:

Post a Comment

ලෝකයට දැඩි බලපෑමක් කිරීමට ඔබ කුඩා යැයි නොසිතන්න

ඔබෙන් මෙසේ ප්‍රශ්නයක් අසමි.  "නව සහ යහපත් ලොවක් ගොඩනැගීමට උපකාරී වීම සඳහා ඔබ කරන්නේ කුමක්ද?" ඔබට එයට වෙලාවක් තවම ලැබුනේ නෑ කියලා හ...