එක කුඩා පියවරක් තබමුද විශාල පිම්මිමක් උදෙසා - ඩොමිනෝ සංසිද්ධිය
මොකක්ද මේ ඩොමිනෝ සංසිද්ධිය කියලා කියන්නේ?
ස්ටෙපන් මොරිස් තමා ඔහුගේ පරීක්ෂණයක් සමග මේ ගැන මුල්ම අදහස ගේන්නේ. ඩොමිනෝ කැටයක් කියන්නේ හරියටම සෘජුකෝනාශ්‍රාකාර කැටයකට. ස්ටෙපන් ගේ පරීක්ෂණය සදහා යොදාගන්නේ ඩොමිනෝ කැට 13ක්. හැබැයි මේ කැට එකකට එකක් වෙනස්. කුඩාම කැටය මිලිමීටර් 5ක උසකින් යුක්ත සහ මිලිමීටර 1.5ක පළලකින් යුක්ත කැටයක්. එයින් ආරම්භ කර ඊට පෙර සෑම කැටයකටම වඩා පසුව එන කැටය 1.5 ගුණයකින් වැඩි වන සේ කැට 13ක් යොදා ගනිමින්, අනුපිලිවෙලට එම කැට පෙළ ගස්වනු ලබනවා. එවිට අවසන් 13 වන කැටය මීටරයක් උස වන අතර කිලෝග්‍රෑම් 45 ක බරකින් යුක්තයි. ස්ටෙපන් මේ කැට කුඩා කැටයේ සිට විශාල කැටය දක්වා සමාන ඉඩ ප්‍රමාණයකින් පෙළ ගස්වා කුඩා තල්ලුවක් කුඩා කැටයට යොදනු ලබනවා. එවිට කුඩා කැටයේ තල්ලු වීමෙන් 2වන, 3වන සහ ඉතිරි කැට සියල්ල අනුපිළිවෙලින් තල්ලු වී යනවා. ඔබ හිතනවා ඇති මේකේ ඇති පුදුමය මොකක්ද කියලා. එහි පුදුමය තම මිලිමීටර් 5ක උසකින් යුක්ත සහ මිලිමීටර 1.5ක පළලකින් යුක්ත කුඩා කැටයට යොදන සුළු බලයකින් මීටර් 1ක් උස සහ කිලෝග්‍රෑම් 45 විශාල කැටයක් පෙරලීමට හැකි වීමයි.
ඔන්න මං ඒ ගැන තවත් ටිකක් තේරුම් ගන්න වීඩියෝ එකකුත් ඇතුලත් කළා.
මෙන්න මේක අපේ ජීවිතේටත් වැදගත් කියන්න තමා මේ කතන්දරය මං මේ විදියට සරලව කිව්වේ. මේකේ ලොකු විද්‍යාත්මක පැත්තකුත් තියෙනවා. නමුත් අපි බලමු කොහොමද මේ ඩොමිනෝ සංසිද්ධිය අපේ ජිවිතේට බලපාන්නේ කියලා.
අපි ජිවිතේ සමහර දේවල් කරද්දී අපි කල් දම දමා ඉන්නවා...අපි ඒක හෙට කරමු එහෙම නැත්නම් ඒක අපි අනිද්දා කරමු කියල හිත හිතා ඉන්න අවස්ථා තියෙනවා නේද? සමහර වෙලාවට පලවෙනි පියවර ගන්න අපි තවත් අදිමදි කරන වෙලාවල් තියෙනවා. එහෙමත් නැත්නම් වෙන කෙනෙක් කරනකන් අපි බලාගෙන ඉන්නවා නේද? අන්න ඒ වෙලාවට අපිට පුළුවන් නම් පලවෙනි පියවර අමාරුවෙන් හරි ගන්න ඒ පොඩි පියවරෙන් අපිට පුළුවන් විශාල වෙනසක් අපේ ජිවිත වලට වගේම ලෝකෙට කරන්න. එහෙම පොඩි පියවරකින් ඉහලට ගියපු ගොඩක් මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. මේ ඩොමිනෝ සංසිද්ධිය ගැන මං කිව්වේ ඒ නිසා තමයි. අපිට අපේ ජිවිත වල නැත්නම් අපි වැඩ කරන ආයතනයවල එහෙමත් නැත්නම් අපේ රටේ පොඩි වෙනසක් කරන්න අපිට පොඩි පියවරකින් පුළුවන් විශාල වෙනසකට මග පාදන්න. එහෙම කරපු පුද්ගලයෝ කීප දෙනක් ගැනත් මං කියන්නම්කො පොඩ්ඩක්.
අපි කවුරුත් දන්නා ස්ටීව් ජොබ් ඇපල් ආයතනය වැනි විශාල ආයතනකට සංකීර්ණ පරිගණක වැඩසටහනක් නිර්මාණය කරන්නේ ඔහුගේ පුද්ගලික පරිගණකය උපයෝගී කොට ගනිමින්.
මාර්ක් සකර්බර්ග් ෆ්බ් හදන්නේ ඔහුගේ සරසවියේ මිතුරන් අතර සම්බන්ධතාවය වැඩි දියුණු කර ගැනීම සදහා. නමුත් වර්තමානයේ මුළු පෘථිවිය වටාම ඉන්න මිනිස්සු මොහොතකින් සම්බන්ධ කිරීමට හැකියාව එය සතුයි.
ඊලෝන් මාස්ක් මුලින්ම ආයෝජනය කරන්නේ පුනර්ජනනීය බලශක්ති වැඩසටහනකට. නමුත් ඔහුගේ අභිප්‍රාය කෙදිනක හෝ අගහරු ග්‍රහයා ගවේෂණය කිරීමයි.
මේ වගේ ලෝකය වෙනස් කරපු මිනිස්සු ගැන කතා කරන්න නම් අපිට පිටු දහස් ගානක් ලියන්න වෙනවා. ඉතින් ලෝකය දිනපු මිනිස්සු සැම එක් කුඩා පියවරකින් තමා විශාල වෙනස් කම් ලෝකය තුල ඇති කරන්න හේතු වුයේ. ඒ කියන්නේ ඔවුන් එක හැරවුම් ලක්ෂයක් ජීවිතේදී ගත්තා කියන එකයි. එසේ නම් අපිටත් පුළුවන් නේද අපි තුලම මේ වෙනස ඇති කර ගන්න. එය සඳහා අපිට අවශ්‍ය වෙන්නේ එක කුඩා පියවරක් පමණයි. ඒක සමහර විට ඔයා උදේම නැගිටලා නිදා ගත්ත ඇද ලස්සනට හදන ඒක වෙන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් විනාඩි 15ක් අරන් පොතක පිටු කිහිපයක් කියවන එක වෙන්නත් පුළුවන්. ඔබගේ සිත තුල තියෙන අරමුණට ලගා වෙන්න ගන්න එක් කුඩා පියවරක්.
කැලුම් වැලිගම මහත්මයාගේ "ඉරණම වෙනස් කිරීමේ කලාව" පොතේ කියනවා අපිට අනාගතය වෙනස් කර ගන්න ඕනි නම් මේ මොහොත වෙනස් කර ගන්න උත්සහ කරන්න කියලා. මිනිස්සු හැමදාම කොහේ හරි තැනක ලියවුනු ඉරණමක් දිහා බලාගෙන ජීවිතය ගෙවන කොට ඔබ උත්සහා කලොත් ඒක පොඩි පියවරකින් ඉදිරියට යන්න ඔබටත් ඔබේ ඉරණම වෙනස් කර ගන්න පුළුවන් වේවි. ස්ටීව් ජෝබ්, මාර්ක් සකර්බර්ග් වගේම එකී මෙකි නොකී ලෝකය වෙනස් කරන්න උදවු වුන මිනිස්සු හැමවෙලේම ගත්තේ ඒක පොඩි පියවරක්. ඉතින් ඇයි එහෙනම් අපිට බැරි කියල හිතන්න කාලය ඇවිත්. මොකද අපේ ජිවිතේ තීරකයා අපිම වන නිසා.