බිදුණු සමනල හදවත
මෙම කෘතිය රසවත් නවකතාවක් හෝ සාහිත්‍ය ගුණයෙන් යුක්ත නිර්මාණයක් හෝ නොවේ. එහෙත් මෙය අසමසම කෘතියක්. එය විරල ගනයේ අසම සම කෘතියක් වන්නේ මිනිසෙකුගේ අසමසම ධෛර්යෙන් හැඩ ගැන්වුණු කෘතියක් වන නිසායි. කෘතිය නිකුත් වූ පළමු දින කිහිපය තුල පිටපත් ලක්ෂ ගණනාවක් අලෙවි විය. මෙය ජෝන් ඩොමිනික් බෝබිගේ කතාවයි. ඔහු loked - in syndrome නම් අතිශය දුර්ලභ රෝගයට ගොදුරු වෙනවා. එම රෝගී තත්වයේදී සිදුවන්නේ රෝගියා සවිඝ්රානික නමුත් සම්පුර්ණ මාංශ පේශීන් අක්‍රීය වීම නිසා ඇසේ චලනයන් සහ ඇසි පිය හෙලීම් හැරෙන්නට කිසිදු චලනයක් හෝ අදහස් හුවමාරුවක් කරගැනීමට හෝ නොහැකි තත්වයට පත් වෙන්වා. එහිදී රෝගියා තමන්ගේ සිරුර තුලම සිරකරුවෙකු බවට පත් උනත් ඔහුගේ මනසට කිසිදු හානියක් සිද්ද වෙන්නේ නෑ. මේ කතාව කියන ජෝන්ට කතා කරන්නවත් වත් එහා මෙහා වෙන්නවත් පුලුවන් කමක් තිබුනේ නෑ. ඔහුට පුලුවන් වූයේ තමාගේ වම් ඇසි පිල්ලම ආධාරයෙන් පමණයි සන්නිවේදන කරන්න. ඒ එක් ඇසි පියකින් තමා ඔහු මේ විශිෂ්ඨ කෘතිය අකුරු කරන්නේ. තමන්ගේ අනතුර, ඔහුට ඇතිවුනු සිතුවිලි , රෝහලේ ගෙවන දවස්, පවුලේ විස්තර, දකින සිහින, ආහාර පාන, නගරයේ අතීත සිදුවීම් වාගේම එදිනෙදා සිදුවීම් ගැනත් මේ පොතට ඇතුලත් කරනවා. අලුයම හතරට අවදිවන ඔහු තම හෙද සහයිකාවගේ උපකාරයෙන් පැය හතරක කාලයක් පුරා පොත ලියන්නට පටන් ගත්තා. රෝගියා හෙලන ඇසිපිය වාර ගණන අනුව ඒ හා සැසදෙන හෝඩියේ අකුර සටහන් කර ගන්නා ඇය නිසි වචනය ගොඩ නැගුවාය. මේ ආකාරයෙන් එක වචනයක් ලියන්නට ගත වූ කාලය විනාඩි 4ක් බව සදහන් වෙනවා. මේ පොත ලිවීමට ඔහු 200000ක වාරයක් ඇසිපිය සැලීම කර තිබෙනවා.
සාමාන්‍ය පුද්ගලයෙකුට සිතා ගැනීමටත් අපහසු උනත් මෙය පුද්ගල මානසිකත්වයේ අති උත්කර්ෂය නේද කියලා පොතේ පිටු 102ක් කියවලා ඉවර කරද්දී මට හිතුනා. යම් කිසි පුද්ගලයෙකුට උවමනාවක් තියෙනවා නම් නොකර බැරි දෙයක් නෑ මේ ලෝකේ කියලා හිතෙන්නේ මේ පොත කියවලා ඉවර උනාට පස්සෙයි. සැබැවින්ම මිනිස් ඉතිහාසයේ අග්‍රගන්‍ය කෘතියක්. සැබෑ පිම්මක්..මනුශ්‍ය ඉතිහාසයේම ද්යිර්ය සම්පන්න ශක්තිය පිලිබද කියලා දෙන කෘතියක්.
පරිවර්තනය - රුවිනි තල්පාවිල
ප්රකාශනය - විදර්ශනා ප්‍රකාශකයෝ
මිල - 350

No comments:
Post a Comment